සේවක වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් පෞද්ගලික අංශයට ලබා දී ඇති සහනය දෙසැම්බර් මස 31 දින දක්වා දීර්ඝ කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවේ කොවිඩ් මර්දන බළකාය තීරණය කළ බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
කෙසේ වෙතත් ඒ ඒ කම්හල්වල ඉල්ලීම පරිදි අවස්ථානුකූලව එම සහනය ලබාදීමට කම්කරු කොමසාරිස් ජනරාල්ගේ අවසරය ලබා ගැනීම සඳහා ඒ සම්බන්ධයෙන් වන ඉල්ලීම් කම්කරු දෙපාර්තමේන්තුව වෙත හාම්පුතුන් විසින් ඉදිරිපත් කළ යුතු බව ද හෙතෙම සදහන් කරයි.
සූම් තාක්ෂණය ඔස්සේ කොවිඩ් මර්දන බලකාය රැස්වූ බවත් එහි දී වෙළද කළාප ආශ්‍රිතව සේවකයන්ගේ පැමිණීම පිළිබදව සමීක්ෂණයක් කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට දැනුම් දුන් බව ද ඔහු සඳහන් කරයි.
පවතින සංචරණ නීති හේතුවෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාල මහජනතාව සදහා විවෘත නොකරන නමුත් දෙපාර්තමේන්තු (http://www.labourdept.gov.lk) වෙබ් අඩවිය හරහා කම්කරු නීති සම්බන්ධයෙන වන ඕනෑම කරුණක්, පැමිණීල්ලක් හෝ ලිඛිත විමසීමක් තමා සේවා ආයතනයට අයත් බල ප්‍රදේශයේ කම්කරු කාර්යාලය වෙත ඉදිරිපත් කළ හැකි බව ද චන්ද්‍රකීර්ති මහතා දැනුම් දෙයි. එසේ ඉදිරිපත්වන ගැටළු සම්බන්ධව කඩිනමින් විසඳුම් ලබා දීමට කටයුතු සළසා ඇතැයි හෙතෙම වැඩිදුරටත් පවසයි.




