ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 345 ක් පමණ දුරින්වූ මුහුදේ දී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ සිටි, මෙරට බහුදින යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
තංගල්ල ධීවර වරායෙන් 2021 අප්‍රේල් මස 21 වන දින ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් ඇති ධීවරයින් හය දෙනෙකුගෙන් සමන්විත "දූ භාෂි" නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් එම යාත්‍රාවේ සිටි ධීවරයෙකුගේ පාදයකට දැඩි ලෙස හානි වී ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි සාගරික මුදවා ගැනීම හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දී ඇති අතර
ඒ අනුව එම දැනුම් දීම ට වහාම ප්‍රතිචාර දැක් වූ නාවික හමුදාව අනතුරට පත් ධීවරයා ධීවරයා රැගෙන ඒම සඳහා කටයුතු කර තිබේ.
ඒ අනුව ධීවරයාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් එම නෞකාව අද දින පෙරවරුවේ හම්බන්තොට වරාය වෙත ළඟා වීමට නියමිතව ඇත.




