දිවයිනට බලපෑ බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පෙරේදා (03) සවස 6 සිට අද උදෑසන 9.30 දක්වා පැවති තත්ත්වය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තත්ව වාර්තාවක් ඉදිරිපත් කර ඇත.
එහි දැක්වෙන පරිදි ගංවතුර, නායයෑම් සහ දැඩි සුළං හේතුවෙන් දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 56 ක් බලපෑමට ලක් ව ඇති ඇත. ඒ ගම්පහ, රත්නපුර, කොළඹ, පුත්තලම, කළුතර, නුවරඑළිය, කෑගල්ල යන දිස්ත්‍රික්ක හතයි.
මෙම තත්වය හේතුවෙන් මිය යෑම් 4 ක්, අතුරුදහන් වීම් 7 ක් සහ තුවාල ලැබූවන් 2 ක් ද වාර්ථා වී තිබේ.
බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක හත තුළ මුළු සුරක්ෂිත මධ්‍යස්ථාන 31 ක් තුළ පවුල් 1084 කට අයත් පුද්ගලයින් 4863 දෙනෙකු රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටී.
මේ වන විට පවුල් 41717 කට අයත් 170022 ක ජනතාව මෙම ආපධා තත්ත්වය යටතේ අවතැන් වී තිබේ.
ආපදා කළමනාකරණ කළමනාකරණ මධ්‍යස්ථානය වාර්ථා කරන ආකාරයට පූර්ණ නිවාස හානි 10 ක් ද අර්ධ නිවාස හානි 569 ක් ද මේ වනවිට අනතුරට පත්ව තිබේ.




