සිනොෆාම් එන්නත ලබාදීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතා හේතුවෙන් ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් පිරිසක් අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.
අනුරාධපුර පණ්ඩුලගම ප‍්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක ඊයේ (11) දිනයේ එන්නත්කරණ සිදු කරන අවස්ථාවේ මෙම ආසාත්මිකතා ඇති වී තිබේ.
40 ක පමණ පිරිසකට ආසාත්මිකතා ඇති ව තිබෙන්නේ කම්හලේ සේවකයින් 1000කට ආසන්න පිරිසකට එන්නත්කරණය කළ වැඩසටහනක දීයි.
එන්නත ලබා ගත් පසු පැය කිහිපයක් විවේකීව සිටිය යුතු වුවත් ඔවුන් දිගින් දිගටම සේවය කිරීම නිසා සහ ආයතන පරිශ්‍රය වායුසමනය කර නොතිබීම හේතුවෙන් ඇතැම් පිරිසකට වමනය හා ක්ලාන්තය හටගෙන තිබූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියා සිටියි.
ඔවුනට ඇති වූ ආසාත්මිකතාවයන් එන්නතේ බලපෑමකින් හටගත් ඒවා නොවන බවද, ඇඟලුම් කම්හලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඔවුන් සියලු දෙනා සඳහා ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා ඉන් කොටසක් ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට යැවූ බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.
මේ වන විට ඔවුන්ගේ සියලු දෙනාගේ තත්ත්වය යහපත් බවද රෝහලේ ආරංචිමාර්ග සඳහන් කරනවා.