ශ්‍රී ලාංකේය ජන ජීවිත සහ ව්‍යාපාර දිරිගන්වමින් සවිබල ගැන්වීමේ සිය දැක්මට අනුව යමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් භාෂා ත්‍රිත්වයෙන්ම නොමිලේ ව්‍යාපාරික දැනුම ලබාදෙන http://www.diriya.lk වෙබ් අවකාෂය හඳුන්වා දී ඇත
මෙම වෙබ් අඩවිය, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (ලෝක බැංකු සමූහයේ සාමාජික) සහ පිළිගත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සම්පත් දායකත්වයෙන් ක්‍රියාත්මක වනවා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා විසින් බලගන්වනු ලබන http://www.diriya.lk වෙබ් අවකාෂය, ව්‍යවසායකයන්ට තම ව්‍යාපාරයේ සංවර්ධනයට අවශ්‍ය ව්‍යාපාරික දැනුම, අවබෝධය, විශේෂඥ උපදෙස්, ක්ෂණිකව බාගත කළ හැකි අන්තර්ගතයන් සහ ව්‍යාපාරික සබඳතා ජාලයක් ගොඩනගා ගැනීමට උපකාරී වන පහසුකම්වලින් සමන්විතයි .
සිය ව්‍යාපාර කටයුතු කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස ආරම්භ කිරීමට සහ කළමනාකරණය කිරීමට අවශ්‍ය කරන ව්‍යාපාර කළමනාකරණ අවබෝධය සහ දැනුම ලබාදීම හරහා අතිශය තරගකාරී වර්තමාන ව්‍යාපාරික ලෝකයේ අභියෝගවලට මුහුණ දීම සඳහා ව්‍යවසායකයන් අභිප්‍රේරණය කිරීම සහ බලගැන්වීම, මෙම වෙබ් අඩවිය මඟින් සිදු කෙරේ.
සමාජ නවෝත්පාදන වැඩපිළිවෙළක් වශයෙන් ඩයලොග් ආයතනය විසින් http://www.diriya.lk වෙබ් අඩවිය නිර්මාණය කරනු ලැබ ඇත
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා සම්බන්ධ ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන්ට සහ ගනුදෙනුකාර භවතුන්ට එම ව්‍යාපාර තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම ලබාදෙමින්, රට තුළ නව ව්‍යාපාර බිහිකර ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් අතර ව්‍යවසායකත්ව මානසිකත්වයක් නිර්මාණය කිරීම, ඩයලොග් ආයතනයේ අරමුණ වී තිබෙනවා.