චීනයේ ආරක්ෂක කටයුතු හා සම්බන්ධ සමාගම් සඳහා ආයෝජනය කිරීම ඇමරිකානුවන්ට තහනම් කිරීමට එරට ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබෙනවා. මේ වන විට චීනයේ ආරක්ෂණ සහ ආවේක්ෂණ තාක්ෂණික සමාගම් 59 ක් සමඟ ඇමරිකානුවන් ආයෝජනය කරමින් සිටිනවා.
ඇමරිකානු රජය මෙම තීරණය ගෙන ඇත්තේ චීන ආරක්ෂක සමාගම් සමඟ එක්වීමෙන් ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන වළක්වා ගැනීමේ අරමුණෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම තහනම ක්‍රියාත්මක කිරීමේ නියෝගයට ජෝ බයිඩ්න් පසුගිය දා අත්සන් තැබූ අතර අගෝස්තු මස 2 වන දා සිට එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
චීනය විසින් ඇමරිකානු උයිගර්ස් මුස්ලිම් ජාතිකයන්ට පීඩාකාරී ලෙස කටයුතු කිරීමත් දකුණු හා බටහිර චීන මුහුදේ එරට නාවික පුහුණු කටයුතු සිදුකිරීමත් මෙම තීරණයට හේතු වී ඇති බව වාර්තා වනවා.