පාසල් නැවත ආරම්භයේ දී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ලබාගන්න


කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කරන අවස්ථාවක දී දරුවන්ගේ රෝග සහ ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය.

පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට හා සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වූ වහාම අදියර කිහිපයක් යටතේ පාසල් නැවත ආරම්භ කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, ගුරුවරුන්ට අවශ්‍ය එන්නත් ලබා ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශය ඔස්සේ ඉටු කර ගත හැකි බව පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවට එක්ව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයෝ පාසල් නැවත ආරම්භ කිරීමේදී ඇතිවන ගැටලු මගහරවා දීම සඳහා සිය සංගමයේ සහය අධ්‍යාපන කලාප මට්ටමෙන් ලබා දිය හැකි බව අග්‍රාමාත්‍යතුමා හමුවේ ප්‍රකාශ කළහ.

ඒ අනුව රට පුරා විසිරී තිබෙන අධ්‍යාපන කලාප 99 උදෙසා තම සංගමයේ නියෝජිතයන් නම් කරමින් අදාළ කටයුතු විධිමත් කරන බව එම සංගමයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.

පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව එන්නත්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නම් 11 ශ්‍රේණීය හා 13 ශ්‍රේණියේ දරුවන්ට එහි ප්‍රමුඛතාවය දිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා දෙලක්ෂ හැත්තෑ නව දහසක් පමණ වන ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු ලක්ෂ තුනකට ආසන්න පිරිසට එන්නත් ලබාදීමේ වැදගත්කම ද මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් පෙන්වා දෙන ලදි.

රටේ අනාගත දරු පරපුර මෙන්ම ඔවුන්ට මග පෙන්වන ගුරුවරු ආරක්ෂා කර ගැනීමට රජය සෑම විටම කටයුතු කරන බව අග්‍රාමාත්‍යතුමා මෙහි දී විශ්වාසය පළ කළේය.

පාසල් ආරම්භ කිරීමේ දී දරුවන් සහ ගුරුවරුන් ආරක්ෂීත ක්‍රමවේදයක් ඔස්සේ පාසලට කැදවා ගැනීම පිළිබඳව වැඩපිළිවෙලක් සකස් විය යුතු බව සඳහන් කළ අග්‍රාමාත්‍යතුමා, පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන්නැයි ඉල්ලා සිටියේය.

ගැබිනි මව්වරුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබා දුන් සහයෝගය පිළිබඳව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මෙහිදී සිය ප්‍රණාමය පුද කළේය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, පාසල් කටයුතු අතිරේක ලේකම් එල්.එම්.ඩී ධර්මසේන, පාසල් සෞඛ්‍ය හා පෝෂණ අංශයේ අධ්‍යක්ෂ කමණි ගුණරත්න, වෛද්‍යවරුන් වන ටී.එල්.පී සෝමතුංග, මහේන්ද්‍ර ආර්නල්ඩ්, ශාමන් රජීන්ද්‍රජිත්, සුරන්ත පෙරේරා, මහචාර්ය සනත් ළමාබදුසූරිය මහත්ම මහත්මීන් ඇතුළු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍යවරු පිරිසක් ද සහභාගී වී සිටියහ.




Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: පාසල් නැවත ආරම්භයේ දී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ලබාගන්න
පාසල් නැවත ආරම්භයේ දී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ලබාගන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhWHsZKzeNgW46IgdM6JuGhJGP0MwATR9uJVePtn8AflCvSk_c34Vy_rWDe1fPnN3R9youHMjUlyL-s36CKCj9Awhn1w8B4u4QFfNsMatfZ3tXVeslEbeHu6xW2b0vwg1EiWGCADsR7hpA/s16000/get-the-help-of-a-pediatrician-at-the-resumption-of-school.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhWHsZKzeNgW46IgdM6JuGhJGP0MwATR9uJVePtn8AflCvSk_c34Vy_rWDe1fPnN3R9youHMjUlyL-s36CKCj9Awhn1w8B4u4QFfNsMatfZ3tXVeslEbeHu6xW2b0vwg1EiWGCADsR7hpA/s72-c/get-the-help-of-a-pediatrician-at-the-resumption-of-school.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/06/14-covid19-school-open.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/06/14-covid19-school-open.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content