රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසුවේ රට විවෘත කළ පසු ජනතාවගේ පරිස්සම හොඳටම මදි බවත් මෙසේ කටයුතු කළහොත් කොරෝනා පොකුරු යළි ඇතිවීමේ අවදානමක් මතු වනු ඇති බවත්ය.
ජනතාව විශේෂයෙන්ම මුව ආවරණ ගැන සැලකිලිමත් විය යුතු බවත් එකට එක්රැස්වී කෑම බීම ගැනීම සහ වායුසමනය කරන ලද ස්ථාන හැකිතාක් මඟහැර කටයුතු කිරීම යනාදී සෞඛ්‍ය පුරුදු දිගටම අනුගමනය කිරීමද ඉතාමත් වැදගත් බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පැවසුවේය.
එමහතා තවදුරටත් පැවසුවේ වයස 18-30 අතර පිරිස්වලටද එන්නත කඩිනමින් ලබාදිය යුතු බවත් සමාජයේ රංචු ප්‍රතිශක්තිය ඇතිවීම එම කොටසට එන්නත ලබාදීමෙන් සිදුවනු ඇති බවත්ය.
රට වසා දැමීමේ සම්පූර්ණ ප්‍රතිඵල දැකගත හැකිවනුයේ තව සති දෙකකින් පමණ පසුව බවත් රට වසා දැමීමේ ප්‍රතිඵල ලෙස කොරෝනා මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවී කොරෝනා පැතිරීම ඉතා හොඳ මට්ටමට පාලනය වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



