අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් කිලෝ 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල රුපියල් 1,257 කින් ඉහළ දමන බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙයි.
ඒ අනුව එහි 12.5 ගෘහස්ථ සිලින්ඩරයේ නව මිල රුපියල් 2,750 ක් වෙයි.
එසේම ලිට්‍රෝ කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 503 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 1,101 ක් වේ.
කිලෝ 2.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 231 කින් ඉහළ දැමීමත් සමඟ එම සිලින්ඩරය රුපියල් 520 ක් දක්වා ද, ඉහළ ගියේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.