අද දිනය තුල දිවයිනේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්‍රදේශවල සමහර ස්ථානවල මි.මී 75 ක් පමණ තරමක් තද වැසි අපේක්ෂා කළ හැකි ය.
වයඹ පළාත, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වීමට ඉඩ ඇත.
මධ්‍යම කඳුකරයේ උතුර,උතුරු මැද සහ වයඹ පළාත්වල බටහිර බෑවුම් ප්‍රදේශ සහ හම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල සුළඟේ වේගය පැ.කි.මි. 30-40 අතර අගයක් ගැනීමට ඉඩ තිබෙනවා. මෙම ප්‍රදේශවල විටින් විට සුළඟේ වේගය පැ.කි.මි 50 දක්වා ඉහළ යා හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල දී තද සුළං සහ අකුණු මඟින් සිදු වන හානිය අවම කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජතාවගෙන් ඉල්ලා සිටිනවා.