පැවති අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ දැඩි සුළං හේතුවෙන් මෙරට මුහුදු තීරයට පාවී ආ ඉන්දීය ධීවර යාත්‍රා 03ක් වයඹ වෙරළ තීරයේදී මෙන්ම දකුණු මුහුදු තීරයේදී නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් පසුගිය 17 වන දින සොයා ගෙන තිබෙනවා.
වයඹ නාවික විධානය විසින් පුත්තලම, පෙරියපාඩු වෙරළ ප්‍රදේශයේ ජුනි 17 වන දින අළුයම ලද තොරතුරුකට අනුව සිදුකළ මුර සංචාරයකදී එම වෙරළ ප්‍රදේශයට පාවී ආ ඉන්දීය ධීවර යාත්‍රා 02ක් වෙරළ තීරයේ තිබී සොයා ගන්නා ලදි. එමෙන්ම ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ජුනි 17වන දින දෙවුන්දර ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 09ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ තවත් ඉන්දීය ධීවර යාත්‍රාවක් සොයා ගන්නා ලද අතර, මෙලෙස සොයා ගන්නා ලද යාත්‍රා ඉදිරි විමර්ශන කටයුතු සඳහා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ඇත.
කාළගුණික විපර්යාස සහ දැඩි සුළං හේතුවෙන් යාත්‍රාවන්ගේ කඹ ලිහී යාම හෝ කැඩී යාම හේතුවෙන් මුහුදේ දියවැල්වල බලපෑමට හසුව ඉන්දීය ධීවර යාත්‍රා මෙලෙස මෙරට වෙරළ ප්‍රදේශ වෙත පාවී එන්නට ඇතැයි නාවික හමුදාව විශ්වාස කෙරේ.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




