කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ දී දෙවන මාත්‍රාව සඳහා වෙනත් එන්නතක් භාවිත කිරීම පිළිබඳව පසුගිය කාලය පුරා විවිධ මත පළ වුණා. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කළ විමර්ශනයකින් හෙළි වී තිබෙන්නේ මිශ්‍ර එන්නත් ලබා දීමෙන් වැඩි ආරක්ෂාවක් ලබාගත හැකි බවයි.
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන සති හතරකට පසු වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා ගැනීමෙන් වඩා වැඩි ආරක්ෂාවක් ලබාගත හැකි බව එම විමර්ශනයෙන් හෙළි වී ඇත.සාමාන්‍ය එන්නත්කරණයට වඩා මිශ්‍ර එන්නත් ලබා ගත් පුද්ගලයන්ගේ ප්‍රතිදේහ නිපදවීම ඉහළ මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා දුන් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලෙස මොඩෙර්නා සහ ෆයිසර් එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වූ බව ඖෂධ නියාමන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.




