වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන්ට පණවන දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට අදාළ පනත් කෙටුම්පත හදිසි පනතක් ලෙස කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
ඒ සඳහා පසුගිය සතියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇති අතර, මෙවර අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එය දෙවන වරට ද අනුමත කර තිබෙනවා.
ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත මේ සතියේ නීතිපතිවරයා වෙත යොමුකරන බව බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළා. අනතුරුව එය හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.




