නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ ඕස්ට්‍රේලියාවේ ආදි ශිෂ්‍ය සංගමය විසින් රුපියල් ලක්ෂ 6කට අධික වටිනාකමකින් යුත් හෘද ස්පන්දන ඔක්සිමීටර් තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.
මෙම උපකරණ තොගයෙන් කොටසක් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය විසින් බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය වෙත ඊයේ (29) දින නිල වශයෙන් භාරදෙනු ලැබිණ. අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුකළ මෙම අවස්ථාවට ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු පිරිසක්ද සහභාගීවිය.




