හෙක්ටයාර් 6 ක ගොවිපල භූමි ප්‍රමාණයක ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සාර්ථක මිරිස් වගාවක් සිදු කර තිබේ.
යුදහමුදා සෙබළ සෙබලියන්ගේ ශ්‍රමදායකත්වයෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් පරිදි මෙම මිරිස් වගාව වගා කිරීමට පියවර ගෙන තිබුණි.
එලෙස වගාකරන ලද මිරිස් වගාවේ අස්වැන්න මේ දිනවල නෙලීම සිදුකෙරෙන අතර මෙවර මිරිස් අස්වැන්න ඉතා සාර්ථක බවටද යුදහමුදාව පවසයි.
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මිරිස් අස්වැන්න ඉදිරියේදී යුදහමුදා සේනාංකයන්හි අවශ්‍යතාවන් වෙනුවෙන් මෙන්ම වෙළඳපොලටද ලබා දිමට පියවර ගෙන තිබේ.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




