දුම්රිය රියැදුරු හා නියාමකවරුන් ඇතුළු වෘත්තීය සමිති 34 ක් දුම්රිය ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් තනතුරෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (30 වැනිදා) වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මෙම කාර්යාලයේ අධ්‍යක්ෂවරයා විසින් සිදුකර ඇති බරපතළ ගණයේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග කිසිවක් නොගැනීම හා විමර්ශණය නොකිරීම, අකාර්යක්ෂම විද්‍යුත් ප්‍රවේශපත්‍ර ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන හාරදහස් හාරසියයක් වැයකිරීම, දුම්රිය පුරප්පාඩු පිරිවීමට කටයුතු නොකිරීම ඇතුළු ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම වර්ජනය සිදුකරන බවද බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ පැවසුවා.මෙම ඉල්ලීමි සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් ලබාදෙන තුරු අඛණ්ඩව වර්ජනය ගෙන යන බවද ඹහු වැඩුදුරටත් පැවසුවා.
දුම්රිය එන්ජින් රියැදුරු සංගමය, දුම්රිය නියාමක සංගමය, පොදුජන දුම්රිය සංගමය, රත්මලාන දුම්රිය සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති 34 ක සහාය මේ සඳහා ලැබී ඇති අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුළු තවත් වෘත්තීය සමිති ගණනාවක් මීට සහාය දක්වා තිබෙන බවත් ඔහු පවසනවා.




