උපකුලපතිවරුන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවල සිසුනට කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ලෙසත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් විශ්ව විද්‍යාල යළි ආරම්භ කරන ලෙසත්ය.
විශ්ව විද්‍යාල සිසුන්ට මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) හරහා සිදු කරන අධ්‍යාපන කටයුතු පිළිබඳව සහ එහි ගැටළු පිළිබඳව සාකච්ඡාවක් අද අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැති අතර එහිදී උපකුලපතිවරුන් එම ඉල්ලීම කළ බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
එම සකච්ඡාවට බස්නාහිර පළාතේ උපකුලපතිවරුන් සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




