“එක්ස්ප්‍රස් පර්ල් (Xpress Pearl)” නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ හමුවේ ඊයේ (30) කැඳවනු ලැබ තිබෙනවා.
මෙම නෞකාවේ අනතුර හේතුවෙන් සිදුවූ පරිසර හානිය නිසා මුහුදු සත්ත්වයින් 200 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවට නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම්දී තිබෙනවා. කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා එම දැනුම් දීම සිදුකර ඇත.
මෙම සත්ත්ව මරණ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර
හානිය හේතුවෙන් සිදු වූ ඒවා බව.බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය විසින් පත්කරන
ලද විශේෂඥයින් 39 දෙනෙකුගෙන් යුත් කමිටුව මඟින් නිර්දේශ කර ඇති බව සඳහන්
කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර්
ජෙනරාල්වරයා ඇතැම් පුද්ගලයින් මෙම සත්ත්ව මරණ වාරකන් කාලය හේතුවෙන් සිදු වී ඇති බවට ප්‍රකාශ
කර තිබුණද ඒවා පිළිගත නොහැකි බවද පැවසුවා.
එසේම දිවයින පුරා පිහිටි අධිකරණ 26ක මෙම සත්ත්ව මරණවලට අදාළව විමර්ශන කටයුතු පැවැත්වෙන බවත් එම සත්ත්ව මළ සිරුරුවල කොටස් විමර්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවත් ඔහු වැඩිදුරටත් දන්වා සිටියා.
මෙයට අමතරව නාරා ආයතනය කාර්මික තාක්ෂණ ආයතනය ඇතුළු ආයතන ගණනාවක් හරහා එම සත්ත්ව මරණ පිළිබඳව පරීක්ෂණ සිදුකරන බව ඔහු සඳහන් කළා.




