පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක අන්තර්ජාලය ඔස්සේ මිලදී ගෙන ලිංගික කටයුතු සඳහා යොදා ගත් බව කියන සිද්ධියට අදාළව මැණික් ව්‍යාපාරිකයකු, නැවක කපිතාන්වරයකු, ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බවයි.
පිරිසක් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 26 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව ද හෙතෙම කියා.
මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට අතවරයට ලක් වූ බාලවයස්කාර දැරියගේ ජංගම දුරකථනය සහ තවත් විද්‍යාත්මක තොරතුරු උපකාරී වී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීයා සිටියේ අත්අඩංගුවට ගත් 26 දෙනා අතර දැරිය ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදා ගත් පුද්ගලයන් 15 දෙනකු පමණ සිටින බවත් එවැනි ක්‍රියා සඳහා යොදාගත් තවත් 16 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ය.




