ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා කියා සිටියේ ඉන්දියාවේ පූර්ණ සහාය ඇතිව කාබනික පොහොර මධ්‍යස්ථානයක් ශ්‍රි ලංකාවේ ඉදි කිරීමට තමන් යෝජනා කරන බවයි.
ශ්‍රී ලංකාව කාබනික පොහොර කෘෂිකර්මාන්තයට යොමු වීමට දරණ ප්‍රයත්නයට අවශ්‍ය සහාය ලබාදෙන බව ද ඉන්දීය මහ කොමසාරිස්වරයා කීවේය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මාර්ග ගත ක්‍රමය ඔස්සේ කාබනික කෘෂිකර්මාන්තයේ අත්දැකීම් බෙදා ගැනීම සඳහා සාකච්ඡාවක් පැවැති අතර එහිදී මහ කොමසාරිස්වරයා එම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාවට අවශ්‍ය පුහුණුව, තාක්ෂණික ඥාණය ප්‍රවීණයන් අතර හුවමාරු, සංචාර සංවිධානය කිරීමට දායකත්වය ලබාදීමට ද එහිදී ගෝපාල් බාග්ලේ මහතා කැමැත්ත පළ කළේය.
ශ්‍රී ලංකාවේදී ජෛව පොහොර නිපදවීමේ ඒකාබද්ධ ව්‍යාපෘතීන් ගොඩනැගීම සඳහා අවශ්‍ය කටයුතු යොදන ලෙස ද මහා කොමසාරිස්වරයා පොහොර සමාගම්වලින් ඉල්ලා සිටියේය.




