චීන කොවිඩ් මර්දන එන්නත්වල කාර්යක්ෂමතාවය පිළිබඳ ලෝකයේ අවධානය යොමු වී තිබෙනවා. මෙයට හේතුව වන්නේ මොංගෝලියාව, සී ෂෙල්ස් සහ චිලී රාජ්‍යන්වල ඇති වී තිබෙන තත්ත්වයයි.
මොංගෝලියාවේ රෝහල් සියල්ලක්ම අඩපණ වී ඇති අතර සී ෂෙල්ස්හි කුඩා දූපත් සමූහයේ සෑම දිනකම නව කොවිඩ් රෝගීන් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වනවා. චිලී රාජ්‍ය මේ සතියේ නැවත විවෘත කළ ද තවමත් දෛනික රෝගීන් දහස් ගණනක් වාර්තා වෙයි.
විශේෂත්වය වන්නේ චීනයේ නිෂ්පාදිත කොරෝනා මර්දන එන්නත් මෙම රටවල ජනගහනයෙන් 50% වඩා සම්පූර්ණයෙන්ම ලබාදී තිබීමයි.
චීන විදේශ අමාත්‍යංශය නිවේදනය කරන ආකාරයට මේ වන විට රටවල් 80කට වැඩි ප්‍රමාණයකට කොවිඩ් -19 මාත්‍රා මිලියන 350කට වැඩි ප්‍රමාණයක් බෙදා හැර තිබෙනවා.
චීන විශේෂඥයින් පෙන්වා දෙන්නේ සමහර එන්නත් ඵලදායි නොවිය හැකි නමුත් ඒවා අසාර්ථක නොවන බවයි. එසේම කිසිඳු එන්නතක් මඟින් කොවිඩ් -19 ට එරෙහි ව 100% ආරක්ෂාවක් ලබා නොදෙන බව වැඩිදුරටත් පවසනවා.




