මීට වසර දෙකකට ඉහත දී 10 හැවිරිදි කුඩා සාමණේර නමකට බරපතළ ලිංගික අපයෝජන සිදු කර පලා ගොස් සිටි වෙනත් හිමිනමක් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසනවා.
ගාල්ල ගල්වඩුගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි මෙම සාමනේර හිමිනමට ලිංගික අපයෝජන සිදු කළ බවට 2019 ජූනි මස 12 වන දා ගාල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව අධිකරණයේ නඩු පවරා ඇති නමුත් සැකකාර හිමිනම ගාල්ල විහාරස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස පරීක්ෂණ පැවැත්වූ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සැකකාර හිමිනම දඹුල්ල නයාකුඹුර ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර හිමිනම අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ව තිබිණි.