ඊයේ (11) දිවයිනට සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක තොගයක් ලැබීය. එම එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් රජයේ මධ්‍යම එන්නත් ගබඩාව වෙත ගෙන එන ලදී.
ලක්ෂ 05ක එන්නත් තොගයක් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ද ලක්ෂ 03ක් කළුතර දිස්ත්‍රික්කය සඳහා ද ලක්ෂ 02 බැගින් කොළඹ හා කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා ලබාදීමට නියමිතය.
සෙසු එන්නත් ලක්ෂය බැගින් ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, නුවරඑළිය, රත්නපුරය, බදුල්ල හා මාතලේ දිස්ත්‍රික්කවලට බෙදාහැරීමට නියමිත බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය.
මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේය අද ලැබුණු සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ත් සමඟින් මේ දක්වා එම එන්නත් මාත්‍රා මිලියන 7.1ක් ලැබී ඇති බවත් මෙම මාසය තුළ තවත් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 40ක තොගයක් දිවයිනට ලැබීමට නියමිත බවත් ය.




