රටවල් තුනක ගුවන් මගීන් රැගෙන යාම තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය ගත් තීරණය ලබන 21 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත මගින් රැගෙන නොයන බව එමිරේට්ස් ගුවන් සේවය නිවේදනය කරනවා.නමුත් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පුරවැසියන්ට, එහි වීසා හිමිකම දැනටමත් ඇති පුද්ගලයන්ට සහ විදේශ තානාපතිවරුන් ඇතුළු අනෙක් නිලධාරීන්ට මෙම තහනම බල පැවැත්වෙන්නේ නැත.
එමෙන්ම නව ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වීම නිසා දින 14ක් තුළ ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවල සංචාරය කළ පුද්ගලයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම එළඹෙන 15 වන දා දක්වා තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.




