ඊයේ නව ආසාදිතයන් 1,573 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට අසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ හැට පන්දහස් හයසිය තිහක් දක්වා ඉහළ ගියා.
නව ආසාදිතයින්ගෙන් 1,517 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් වාර්තාවන අතර, 56 දෙනෙකු විදේශයන් හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් වනවා. ඒ අනුව තවදුරටත් රෝගීන් 29,122 කු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව දෙලක්ෂ තිස් තුන්දහස් තුන්සිය දහා තුනක්.
එමෙන්ම පෙරේදා තහවුරු කරන ලද සෞඛ්‍ය සේවා ජනරාල්වරයා විසින් ඊයේ වාර්තා කළ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 45 ක්. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3,236 ක් ලෙසයි. නව මරණවලින් 25 ක් කාන්තාවන් වන අතර, පිරිමි පුද්ගලයන් 20 දෙනෙකුද මියගොස් තිබෙනවා.




