ඉදිරි සති 2 තුළ රටේ සියලු සහල් මෝල් හිමියන් සමඟ ගිවිසුමකට එළඹෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ සමඟි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.වී මිල වැඩි නොකර පනහයි පනස් දෙකේ සීමාවේ සිටින බවට අත්සන් කිරිමට නියමිත ගිවිසුම මගින් සහතිකයක් ලබා ගන්නා බවත් වී සහ සහල් මිල ඉදිරියේදී තීරණය කරන්නේ ආණ්ඩුව බවත් වැඩි මිලට සහල් විකුණන වී මෝල්කරුවන්ට උපරිම දඬුවම් ලබා දීමට පියවර ගන්නා බවත් ඇමතිවරයා සඳහන් කළේය.
එක් එක් පුද්ගලයන්ට, මෝල් කරුවන්ට අවශ්‍ය පරිදි වී සහ සහල් මිල තීරණය කිරීමට ඉඩ නොදෙන අතර වැඩි මිලට සහල් අලෙවි කළ හොත් ලැබෙන 2500 දඩය රුපියල් ලක්ෂය දක්වා වැඩි කළ බවද ඇමතිවරයා අවධාරණය කළේය. සහල් මිල සම්බන්ධයෙන්ද පාරිභෝගික අමාත්‍යවරයා, කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව මෝල් හිමියන් සමඟ ඉදිරි සති දෙක තුළ මෙම ගිවිසුමකට එළඹෙන බවද ඇමැතිවරයා පැවසුවේය.