පොලොන්නරුව තඹාල ප්‍රදේශයේ නීති නිරෝධී ගව ඝාතනාගාරයක් වටලා ඝාතනය කිරීමට නියමිතව සිටි විවිධ වර්ගයේ ගවයින් 68 ක් බේරාගෙන ඇත.
හජ් උත්සවය වෙනුවෙන් සත්ව ඝාතන තහනම් කර තිබියදි මෙම ගව ඝාතකාගාරය තුළ තිබී ගවමස් කිලෝ 1000 ට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇත. මෙම ස්ථානය තුළ ගවයින් ඝාතනය කිරීමට කිසිදු බලපත්‍රයක්ද නොමැත.
විශේෂ කාර්ය බලකාය සඳහන් කරේ බේරාගත් ගවයන් 68 දෙනා අතර ගවයන් 13 ක්, එළදෙනුන් 25 හා වසු පැටවුන් 28 ක් සිටින බවය.
අරලගංවිල විශේෂ කාර්ය බලකාය පවසා සිටියේ නීති විරෝධී ගව ඝාතනාගාරයේ සිටි සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
විශේෂ කාර්ය බලකාය අද (21) අලුයම 5.00 ට පමණ මෙම වැටලීම සිදුකර ඇත. හජ් උත්සවය නිමිත්තෙන් සත්ව ඝාතනය තහනම් කර තිබිය දී මෙම ස්ථාන තුළ නීති විරෝධීව ගව ඝාතනය සිදුකරන බවට ලැබුණු තොරතුරු අනුව මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා ගවයින් වැඩිදුර පරීක්ෂණ සදහා පුලස්තිපුර පොලිසියට ඉදිරිපත් කර ඇත.




