ඊයේ දිනයේ දී හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ මාදම්පාගම සහ දොඩම්දූව යන ප්‍රදේශ වල පුද්ගලයින් 113 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කර ඇත.එහිදී කොවිඩ් ආසාදිතයින් 34ක් වාර්තා වී තිබේ.
එනම් මාදම්පාගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 14ක් හා දොඩම්දූව, සීනිගම හා හික්කඩුව යන ප්‍රදේශවලින් සෙසු ආසාදිතයින් 20 දෙනා හඳුනාගෙන තිබෙන අතර දිගින් දිගටම එම ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම හේතුවෙන් එම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් සිදුකර ඇත.