ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් සෞඛ්‍ය සේවා, වරාය, ඛනිජ තෙල්, රේගුව ඇතුළු ආයතන හා ක්ෂේත්‍ර 12ක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් පත් කිරීම තවදුරටත් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය .
1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත අනුව ජනාධිපති ලේකම්වරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
එනම්අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇති අනෙකුත් ආයතන හා ක්ෂේත්‍ර වන්නේ,
- ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු පොදු ප්‍රවාහන සේවා
- සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල
- ග්‍රාම නිලධාරීන්
- කෘෂි පර්යේෂණ සහකාර නිලධාරීන්
- ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු
- පළාත් පාලන ආයතන මගින් කෙරෙන කසළ කළමනාකරණ සේවා කටයුතු
- සීමාසහිත ලංකා සතොස, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව,
- ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව
- පළාත් සභා යටතේ වන සියලුම රජයේ කාර්යාලවල සේවා
- තැපල් දෙපාර්තමේන්තුවේ සේවා යනාදියයි.
තවද එහි සදහන්ව ඇත්තේ සෞඛ්‍ය සේවයට අදාළව ඉටු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නා වූ කවර වූ ස්වභාවයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රම දායකත්වය අත්‍යවශ්‍ය සේවා බවට පත්වන බවද එහි සඳහන් වෙයි.
ජනපතිවරයා විසින් මෙම ආඥාව නිකුත් කරනු ලැබ ඇත්තේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කෙරෙන සේවා සැපයීමට අවහිරයක් හෝ බාධාවක් ඇති වීම වැළැක්වීම සඳහාය.