ගෙවී ගිය පැය 24 ක කාලය තුල නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 563 අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත මුළු පිරිස 46823ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
මේ අතර ඊයේ අත්අඩංගුවට ගත පිරිස අතුරින් වැඩිම පිරසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන්. එම සංඛ්‍යාව 66ක්. මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 49ක්,සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 47ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව පළාත් සංචරණ සීමා උල්ලාංඝනය කරමින් බස්නාහිර පළාතෙන් පිටව යාමට උත්සාහ කල පුද්ගලයින් 564 දෙනෙකුද නැවත හරවා යැවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.




