කාබනික පොහොර භාවිතයට රජය ගත් පියවර කිසිවිටකත් පසුපසට නොගන්නා ලෙස අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ගොවි නියෝජිතයින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. කාබනික පොහොර අභියෝගය ජය ගෙන නීරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් ආණ්ඩුව ගනු ලැබූ පියවරට ගොවි ජනතාවගේ උපරිම සහාය ලබාදෙන බව ඔවුන් වැඩිදුරටත් පවසනවා.
ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය ගොවීන් ලක්ෂ 11ක්, ගොවි සංවිධාන 17000 සහ ගොවිජන සේවා මධ්‍යස්ථාන 563 කින් සමන්විතයි.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූයේ මෙය හදිසියේ ගත් තීරණයක් නො ව "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දුන් පොරොන්දුවක් ඉටු කිරීමක් බවයි.
ඇතැම් පිරිස් මේ පිළිබඳ විවිධ අදහස් පළ කළත් කාබනික පොහොර භාවිතයට යොමු වීම සමස්ත ලෝකයේ ම නව ප්‍රවණතාවක් බවත් මින් පෙර පැවති ආණ්ඩු කාබනික පොහොර වගාවට යොමු වීමට උත්සාහ දැරුවත් ඒවා අසාර්ථක වීමට හේතු මැනවින් අධ්‍යනය කර නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
රජය වාර්ෂිකව රසායනික පොහොර ආනයනය සඳහා වැය කරන රුපියල් මිලියන 80,000 ක පමණ මුදල මෙරට ගොවි ජනතාවට ලැබීමට සලස්වන බවත් ගොවි ජනතාවගේ ආදායම් පහළ වැටීමට කිසිසේත් ඉඩ නොදෙන බවත් ජනාධිපතිතුමා සඳහන් කළා.
පසුගිය ආණ්ඩුව සමයේ ඇනහිට තිබූ ගොවි රක්ෂණය අද සිට යළි ක්‍රියාත්මක කරමින් 'ගොවි රක්ෂණ සැකැස්ම' ජනාධිපතිවරයාට ලබාදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කටයුතු කළා . මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ගොවි විශ්‍රාම වැටුප ඉහළ නැංවීමට ද රජයේ අවධානය යොමුවී ඇති බවයි.
මෙම හමුවේ දී ගොවි ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් බොහෝමයක් සඳහා ජනාධිපතිවරයා ගේ අනුමැතිය හිමි වී ඇත.