රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව ඉහළ දමා තිබේ. ඒ අනුව විශ්‍රාම ගැනීමේ වයස් සීමාව අවුරුදු 63ක් දක්වා දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මීට පෙර රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60ක් වු අතර එය පසුගිය වසරේ දි 61ක් දක්වා දීර්ඝ කර තිබුණි.
වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා පසුගිය අප්‍රේල් මස 20 වනදා අමාත්‍ය මණ්ඩල තීරණය කළේය.
ඒ අනුව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් ඊට අදාළ ගැසට් පත්‍රය ඊයේ (30) නිකුත් කර තිබේ.