කොළඹ නාගරික සීමාවෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල 25ක සාම්පල 14ක් සැකකටයුතු බව ජාන විශ්ලේෂණ පරීක්ෂණ සිදුකරන කණ්ඩායම් දැනුම්දී තිබෙනවා.
මේ සාම්පල දාහතරේම ජාන විකෘතිතා සහිත ප්‍රභේද පවතින බවට එම කණ්ඩායම් සැක පළ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවා.
ඒ් අනුව මෙම සැක සැකකටයුතු සාම්පල සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් පුළුල් පරීක්ෂණ අරඹා ඇති ද මෙම පරීක්ෂණවල අවසන් වාර්තාව ඉදිරි සතියේදී ලබා දෙනු ඇතැයි ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා වැඩිදුරටත් පැවසුවා.
මෙම ජෛව පටල සාම්පල අයත් පුද්ගලයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් විවිධ ආරක්ෂිත ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවනවා.
එමෙන්ම මෙම පුද්ගලයන් පදිංචි ප්‍රදේශ සම්බන්ධයෙන්ද පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
කොළඹ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය සඳහන් කරන්නේ පසුගිය දිනවල පරීක්ෂණ කණ්ඩායම් කොළඹ නගරයේ මෙවැනි සැකකටයුතු සාම්පල පිළිබඳව දැනුම්දීම් ගණනාවක් කර ඇති බවයි.
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් 20කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මේ වනවිට සොයාගෙන තිබෙන අතර එම පිරිසෙන් වැඩි දෙනෙක් කොළඹ නාගරික සීමාවේ පදිංචිකරුවෝ වෙති.




