විදේශ රැකියා සඳහා පිටත්ව යෑමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟතාව පළකර තිබෙනවා.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ විදෙස් රැකියා සඳහා පිටත්ව යෑමට සිටින වීසා අනුමත පුද්ගලයන්ට එම එක් එක් රටවල් විසින් පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත් ලබා දීමට සිදුවී ඇති බවයි.
ඒ අනුව මේ වන විට සෑම රටක් ම පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නතක් වන ෆයිසර් එන්නත එම පිරිසට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ ඊයේ(22) පැවති සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණ තිබෙනවා.
අමාත්‍යවරයා පවසන්නේ ඩුබායි,බහරේන්,ජෝර්දාන්,කුවේට්,සී ෂෙල්ස්, ඕමාන්,කටාර්, සෞදි අරාබිය,සිංගප්පූරුව,දකුණු කොරියාව,මාලදිවයින,මැලේසියාව,ඊශ්‍රායල් සහ සයිප්‍රස් යන රටවල් සඳහා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලාංකිකයන් 8000ක් පමණ කෝවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවයි.
ඒ අනුව එම පුද්ගලයන් සඳහා ඉදිරි සතිය තුළ එන්නත් ලබාදීමේ කටයුතු අවසන් කර ඉදිරි මාස දෙක තුළ විදෙස්ගත වීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට ද තීරණය කර තිබෙනවා.