පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිල නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 22 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳගේ සහෝදරයකු අත්අඩංගුවට ගත් බවයි. මෙම සැකකරු මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි (44) පුද්ගලයෙකි
තවදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සුම් තුවාල ලබා මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් මීට පෙර මෙහෙකාර සේවයේ යෙදී සිටි බව කියන 22 හැවිරිදි සහ 32 හැවිරිදි කාන්තාවන් දෙදෙනකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළි කරගෙන ඇති අතර 22 හැවිරිදි දක්ෂතරුණිය අමාත්‍ය වරයාගේ නිල නිවසේ සේවය කරමින් සිටියදී සැකකරු විසින් දෙවරක් ම ඇය දූෂණයට ලක්කර ඇති බවට තොරතුරු හෙළි කරගෙන ඇත.
2015 වසරේ සිට 2019 වසර දක්වා මෙම නිවසේ මෙම 22 දෙහැවිරිදි තරුණිය සේවය කර ඇති අතර ඇයද ඩයගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් මෙම කානතාවන් දෙදෙනා ද මෙම නිවසට සපයා ඇත්තේ ඉහත තැරැව්කරු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කරයි.