සරුංගල් යවමින් සිටි තඹුත්තේගම ගුරුගම ප්‍රදේශයේ 09 හැවිරිදි දරුවකු අනාරක්ෂිතව ඉදිකළ වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සමීර ප්‍රසාද් රත්නායක නම් එම දරුවා සුපුරුදු පරිදි උදෑසනක සරුංගල් යැවීමෙහි නිරත වී ඇති අතර දරුවා බොහෝ වේලාවක් නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමාපියන් විසින් සරුන්ගලයේ නූල පසුපස ඔහුසෙයා ගිය දෙමාපියන්ට අනාරක්ෂිත වගා ලිඳට වැටී සිට සොයාගත හැකිව තිබෙනවා.
අඩි 20ක් පමණ ගැඹුරු වගා ළිං පත්ලේ සිර වී දරුවා ඥාතියෙකු විසින් ගොඩ ගෙන ඇතත් දරුවා තඹුත්තේගම මුලික රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔහු ජීවිතයට පත්ව සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.