ලංකා ගුරු සේවා සංගමයට එරෙහිව යුක්තිය උදෙසා ජනතාව සංවිධානයේ සභාපති ඩිල්ශාන් ගමගේ මහතා විසින් කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (25) පැමිණිල්ලක් සිදු කරනු ලැබිය.
එනම් කොවිඩ් වසංගත තත්ත්වයේ ඩෙල්ටා ප්‍රභේදය රට පුරා පැතිර යාමේ අවදානමක් පවතින අවස්ථාවේ නිරෝධාන සෞඛ්‍ය නීති උල්ලංගනය වන ආකාරයට උද්ඝෝෂණයක් සිදු කර අයුතු ලෙස ජනයා ඒකරාශී කිරිමෙන් ජනජීවිතය අවධානමකට ලක්කළ බව කියමින්ය.
මොරටුව කේන්ද්‍ර කරගනිමින් පිහිටවා ඇති යුක්තිය උදෙසා ජනතාව සංවිධානයේ ලේකම් තරිඳු රොද්‍රිගූ ජාතික සංවිධායක ආර්.එම්.කුමාර, සහ නිතිඥ මධුරංග විජයරත්න යන මහත්වරු මෙම පැමිණිල්ල බාර දීමට පැමිණ සිටියාය.
මෙම නීති විරෝධී උද්ඝෝෂණය සංවිධානය කළ වෘත්තීය සමිති නායකයන් සහ ඒ සඳහා සහභාගී වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ද මහජන සෞඛ්‍ය අවදානම සහිත උද්ඝෝෂණය පාලනය කිරීමට ක්‍රියා නොකළ සෞඛ්‍ය අවදානම පිළිබඳව සොයා නොබැලූ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සහ වගකිවයුතු සෞඛ්‍ය නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසද එම පැමිණිල්ලේන් ඉල්ලා ඇත. ඔවුන්ගේ උද්ඝෝෂණ ක්‍රියාදාමය නිසා තමා ඇතුලු දෛනික රාජකාරිවලට කොළඹට පැමිණ සිටි සියලු සේවා ස්ථාන සඳහා වාර්තා කිරීමට ගිය සේවකයන් නීති විරෝධී උද්ඝෝෂණ මගින් දැඩි ලෙසම අවදානමකට ලක් වූ බව ඒ මහතා කියා සිටියහ
එම සංවිධානය පැමිණිල්ල සිදුකරමින් තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 262 වදන්ති ප්‍රකාරව රෝගයක් පැතිරෙන ආකාරයෙන් නොසැලකිලිමත්ව කටයුතු කිරීම සහ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 263 වගන්තිය අනුව ජන ජීවිතයට අන්තරාදායක ලෙස කටයුතු කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවය.