ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැබිනට් අමාත්‍යවරුන් හතර දෙනකුගේ අමාත්‍යංශ විෂය පථයන් වෙනස් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
රජයේ ආරංචි මාර්ග පවසන අන්දමට මහාචාර්ය ජී එල් පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන් සිවුදෙනාගේ විෂය පථයන් මෙලස වෙනස් වෙනු ඇති.
මෙම සංශෝධනය අනිද්දා(17) දිනයේදී සිදු කෙරෙනු ඇති අතර මෙම ආරංචිමාර්ගවලට අනුව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ද ,මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදෙස් කටයුතු ඇමැතිවරයා වශයෙන් ද ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා විදුලිබල ඇමතිවරයා වශයෙන් ද පත්කෙරෙනු ඇතැයි අනුමාන කෙරේ.




