පසුගිය දින කිහිපය තුළ වයෝවෘද්ධ පුද්ගලයන් කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන විත් ඔවුන් මුළා කර රෝහලේ දමා යෑමේ ප්‍රවණතාවක් ඇතැයි කළුබෝවිල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.
ඊයේ සහ අද දිනයේ පමණක් මෙලෙස දමා ගිය පුද්ගලයන් 6 දෙනෙකු පමණ සිටින බව වාර්තා වනවා.
මෙතරම් දරුණු වෛරසයක් පැතිර යන අවස්ථාවක දී වයෝවෘද්ධ හෝ විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන් මේ ආකාරයෙන් අතැර දමා යාම බරපතළ වරදක් බවත් සදාචාරසම්පන්න නොවන බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා.
අති සුඛෝපභෝගී වාහන වලින් පැමිණෙන පුද්ගලයන් මෙලෙස තම වයෝවෘද්ධ දෙමාපියන් රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයේ රඳවා මුලා කර යෑමට පුරුදු වී ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි.
මෙලෙස අතැර ගිය පුද්ගලයන්ගෙන් සමහරක් විවිධ රෝගාබාධවලින් පෙනෙන අතර ඇතැමුන්ට සිහිකල්පනාව ද නොමැති බවත් මේ වන විට ඔවුන්ගේ රෝගී තත්ත්වයන් සොයා බලා ප්‍රතිකාර ලබාගැනීම සඳහා වාට්ටුවලට යොමු කර ඇති බවත් වාර්තා වනවා.




