සයිනොෆාම් එන්නත් මුදලට විකිණීමට උත්සාහ දැරූ මොරටුව ලුනාව රෝහලේ කම්කරුවකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණන අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම පුද්ගලයා එක් එන්නතක් රුපියල් 2000කට අලෙවි කර ඇති අතර ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලද තොරතුරක් මත මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මෙලෙස කලක සිට එන්නත් පිටතට ලබා දී මුදල් ලබා ගෙන ඇති බව මූලික විමර්ශනවලින් හෙළි වූ බව මොරටුව පොලීසිය පවසයි.
මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු මොරටුව පොලිසියට භාර දී ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.




