කොවිඩ් 19 වෛරසය තවදුරටත් රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ලබන සඳුදා සිට ස්වයං සංචරණ සීමා පැනවීමක් ඇතිකරගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධානී උපුල් රෝහණ මහතා ජනතාවට දැනුම් දෙනවා.
ඔහු පවසන්නේ අධික ලෙස බෝවෙමින් පවතින ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් රට ව්‍යසනකාරී තත්ත්වයකට ඇද වැටෙමින් පවතින අවස්ථාවක රජය විසින් රට වසා නොදැමීම පිළිබඳ දැඩි කනගාටුවට පත්වන බවයි.
"ආණ්ඩුවේ සහ සෞඛ්‍යය බලධාරීන් ඇතුළු සියලු දෙනාට අපි ආරාධනා කරනවා කේක් කාලා වායුසමීකරණය කරපු කාමර ඇතුලේ ඉදන් තීරණ ගන්නේ නැතුව බිමට ඇවිල්ල මේ විසාලා මහනුවරට පය තියලා ඇවිදින්න. මිනිස්සු විඳින දුක බලන්න,මියගියාම ඒ මෘතදේහ තියාගෙන මිනිස්සු අඬන හැටි බලන්න කියලා අපි ආරාධනා කරනවා."
ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ හා පිළිවෙත් අනුගමනය කරමින් සති අන්තයේ දී අත්‍යාවශ්‍ය භාණ්ඩ එක් රැස් කරගෙන සඳුදා සිට අවම වශයෙන් දින හතක් වත් යන තෙක් ස්වයං සංචරණ සීමා පනවාගෙන ආරක්ෂාකාරීව ගත කරන ලෙස ඔහු අවධාරණය කරනවා.
එමෙන්ම වෛද්‍ය විශේෂඥවරුන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මතය නොසලකා හරින බැවින් තවදුරටත් සීමා පැනවීමට හෝ රට වසා දැමීමට රජයට බල නොකරන බවත් ඉදිරි දින කිහිපය තුළ රෝගීන් සහ මරණ සංඛ්‍යාව විශාල ලෙස ඉහල යනු ඇති බවටත් උපුල් රෝහණ මහතා අනතුරු අඟවයි.




