මොණරාගල ප්‍රදේශයේ සිට ඊයේ (15) බුත්තල කටුගහගල්ලගේ වැවේ දිය නෑමට පැමිණි පාසල් සිසුන් තිදෙනෙකු දියේ වැව් ගිලී මියගොස් තිබෙනවා.
යතුරු පැදි දෙකකින් මොණරාගල සිට පැමිණි එම සිසුන් තිදෙනා නාමින් සිටියදී දියේ ගිලී ඇති බවත් අද පෙරවරුවේදී මළ සිරුරු සොයාගත් බවත් බුත්තල පොලීසිය සඳහන් කරයි.
මෙම සිසුන් දිය නෑමට පෙර රැදී සිටි ස්ථානයේ යතුරු පැදි දෙක ඇති බවත් ඒ අසල බියර් කෑන් කිහිපයක්ද තිබෙන බවත් සැලයි. ඒ සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශණයක් ආරම්භවී තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ මොණරාගල මහනාම ජාතික පාසැලේ වාණිජ්ය හා ගණිත අංශවල ඉගෙනු ලබමින් සිටි,මොණරාගල බටුගමිමන ප්රදේශයේ පදිංචි,ආර්.එමි ධනංජය දේශාන් (18), මොණරාගල සිරිගල හා රත්තනපිටිය යන ප්රදේශවල පදිංචි ඩි.පි රංදිප් තාරක(18) හා කෝරල ගමගේ ඉමෙිෂ් (18) යන තිදෙනෙක්.
ඔවුන් මෙවර අධ්යාපන පොදුසහතික පත්ර උසස්පෙල විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි සිසුන් බවත් ඔවුන් මිතුරෙකු මුණගැසීමට යන බව නිවෙස්වලට පවසා යතුරුපැදි දෙකකින් පිටවගොස් තිබෙන බව පොලිස් විමර්ශණවලදි අනාවරණය වී ඇත.









