වේයන්ගොඩ සහ ගම්පහ නගරයේ කඩසාප්පු සතියක කාලයකට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.වේයන්ගොඩ වෙළෙඳ සංගමය විසින් වේයන්ගොඩ නගරයේ පිහිටි එම සංගමයට අයත් සියලූ කඩසාප්පු සතියක කාලයකට වසා දැමීමට පියවර ගෙන ඇත.
මේ අනුව වේයන්ගොඩ වෙළඳ සංගමයට අයත් සියලු වෙළඳසල් 15 දින සිට 21 දින දක්වා වසා තැබීමට කටයුතු යොදා ඇත.
ගත වූ කාල සීමාව තුළ දී වේයන්ගොඩ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 18 සිදුවීමක් සැලකිල්ලට ගනිමින් රෝගය තවදුරටත් පැතිරීම වළක්වා ගැනීමට සහාය දැක්වීම සඳහා තම සංගමය වෙළඳ සැල් වසා දැමීමට තීරණය කළ බව එහි සභාපති එස් අයි එස් වීරසිංහ මහතා සඳහන් කළේය.
එමෙන්ම ගම්පහ නගරයේ කොරෝනා රෝග තත්ත්වය අධික ලෙස පැතිර යාම සැලකිල්ලට ගනිමින් ගම්පහ නගරයේද වෙළඳසල් සහ සියලුම ව්‍යාපාරික ස්ථානඅද (16) සිට සතියක කාලයක් වසා තැබීමට නාගරික එක්සත් වෙළඳ සංගමය තීරණය කර ඇත.
නගරයේ ව්‍යාපාරිකයින් බහුතරය වෙළඳසල් වසා දැමීමට කැමැත්ත පළ කොට ඇති බැවින් මෙම තීරණය ගනු ලැබූ බව ගම්පහ නාගරික එක්සත් වෙළඳ සංගමයේ ලේකම් සුමිත් අල්විස් මහතා පැවසීය.
සංගමයේ ලේකම් සුමිත් අල්විස් මහතා වැඩිදුරටත් පැවසුවේ හෙට දිනයේ සිට ලබන 23 වෙනි දින දක්වා සතියක කාලයක් නගරයේ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට පියවර ගනු ලබන බව ගම්පහ නගරාධිපතිවරයා, දිසාපතිවරයා , ප්‍රාදේශීය ලේකම්වරිය, කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් කිරීමට තමන් සහ නාගරික එක්සත් වෙළඳ සංගමයේ සභාපති සුසාන් කුමරප්පෙරුම විසින් පියවර ගෙන ඇති බවයි.




