කොළඹදී අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවේ කොවිඩ් පැතිර යෑම පාලනය සඳහා රට වැසිය යුතු යැයි කියන කාරණය අවසන් වරට පසුගිය බදාදා (11 වැනිදා) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවයි.
ජනාධිපතිතුමාට, සෞඛ්‍ය අමාත්‍යවරියට, සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ලෙස අපි සෑම විටම දැනුම් දෙන බව කී විශේෂඥා වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ෆේස්බුක් ඔස්සේ ද නිරන්තරයෙන් දැනුවත් කර ඇති බව ද සඳහන් කළාය.
රට "ලොක්ඩවුන්" කිරීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ නම් ඒ අනුව කටයුතු කිරීමට රජය සූදානම් බවත් රට ලොක්ඩවුන් කිරීමට වෛද්‍ය විශේෂඥයන් මෙතෙක් නිලවශයෙන් නිර්දේශකර නැතැයිද ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පසුගිය දා පැවසුවා.
සබැඳි පුවත - වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ නම් රට "ලොක්ඩවුන්"




