ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් 'ශක්ති’ නෞකාව 17 වනදා අළුයම චෙන්නායි බලා පිටත්වීමට නියමිතය. එනම් ඉන්දියාවෙන් ඇනවුම් කළ සායනික ඔක්සිජන් රැගෙන ඒමට බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේ ත්‍රිකුණාමලය වරායෙන් පිටත්වන එම නෞකාවට චෙන්නායිවලට ළඟිවීමට දින එකහාමාරක පමණ කාලයක් ගත වන බවය. ඔක්සිජන් පැටවීමෙන් පසුව නැවත පැමිණීමට ද දින එකහාමාරක් ගතවන බව එමහතා සඳහන් කළේය.




