"කොරෝනා වෛරස් රෝගය (කෝවිඩ් 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත - 2019" පාර්ලිමේන්තුවේදී අද (17) විවාද කර සම්මත කර ගැනීමට නියමිතය.
කොරෝනා වසංගත තත්වය හමුවේ අධිකරණ කටයුතු ඇතුළු විවිධ රාජකාරී බාධාවකින් තොරව කරගෙන යෑමට අවශ්‍ය නීති ප්‍රතිපාදන සැලසීම මෙම පනත් කෙටුම්පත මගින් සිදුකෙරෙනු ඇත.
පාර්ලිමේන්තුව අද උදේ 10 .00ට රැස්වුන අතර නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් දෙකක් සහ රේගු ආඥා පනත (235 අධිකාරිය) යටතේ යෝජනා දෙකක්ද අනතුරුව විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ඉන්අනතුරුව ප.ව 4.30 සිට 4.50 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන් කර තිබේ.
ලබන සැප්තැම්බර් 06 වන සඳුදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට තීරණය කර ඇති අතර අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ සැප්තැම්බර් 06 වන දා විශේෂ පාර්ලිමේන්තු දිනයක් බවයි.
ආණ්ඩු පක්ෂය ගෙන එන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ප.ව 4.50 සිට 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතය.
කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා පසුගිය කාලයේ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි වුන බැවින් කාලීන වැදගත්කමකින් යුතු ප්‍රශ්නවලට ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු ලබාදිය යුතු නිසා 2021 සැප්තැම්බර් 06 සහ සැප්තැම්බර් 27, විශේෂ පාර්ලිමේන්තු දින ලෙස ප්‍රකාශයට පත් කිරීම 2021.08.05 රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.
එදින අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම යෝජනාව ඉදිරිපත් කළ අතර, කාරක සභාවේ සිටි ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ සාමාජිකයෝ ඊට එකඟ වූහ. පිළිතුරු ලබා නොදුන් ප්‍රශ්නවලට පමණක්, මෙම දිනවල ඉඩ ලබාදීමට තීරණය වූ බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
කොවිඩ් වසංගත තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව අද දිනයේ පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ තීරණය කළේය.




