මෙරටින් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 3466 දෙනෙක් ඊයේ (17) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.
පසුගිය සතිය තුළ ප්‍රමාද වී වාර්තා කරන ලදුව සෞඛ්ය අමාත්යාංශයේ වසංගත රෝග විද්යා අංශය විසින් දැන් තහවුරු කර ඇති ආසාදිතයින් සංඛ්යාව සමඟ 16.08.2021 දිනට සමස්ත ආසාදිතයන් සංඛ්යාව 3,62,074 දක්වා ඉහල ගොස් තිබෙනවා.
මේ අතර කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 2325 දෙනෙකු සුවය ලබා ඊයේ (17) රෝහල්වලින් පිටවගොස් ඇති අතරකොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 3,12,057ක් වනවා.
ඉන් ආසාදිතයින් 43,921 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් නිවේදනය කරනවා.
ඊයේ තහවුරුවූ මරණ 167 ත් සමග මෙතක් මෙරට සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 6263 දක්වා ඉහළගොස් ඇත.





