සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොරෝනා වයිරසයෙන් වඩාත්ම පීඩාවට සහ මරණයට පත් වෙන්නෙත් සමාජයේ පිඩිත ජන කොටස් බැවින් ඔවුන්ගේ එදිනෙදා ජිවිතය ශක්තිමත් කිරීම සඳහා ආපදා සමාජ-ආර්ථික ආරක්ෂණ දැලක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටින බවය.
එමහතා තවදුරටත් කියා සිටියේ "මෙම වසංගත තත්වයට අදාලව ජනතාවට නිවැරදි තොරතුරු හා දත්ත දැනගැනීමට සැළැස්වීම රජයේ වගකීමක් වන බවද අවධාරණය කරමු. තොරතුරු සැඟවීම මගින් හා නිවැරදි නොවන තොරතුරු ඉදිරිපත් කිරීමෙන් රටට හා ජනතාවට සිදුවිය හැකි හානිය වගකිවයුත්තන් තේරුම් ගතයුතුව තිබේ.
එමෙන්ම ඇන්ටිජන් හා පී.සී.ආර් පරීක්ෂණ සඳහා පුද්ගලික රසායනාගාර ගෙවීමට වන මුදලෙන් 50%හෝ රජය මඟින් දැරිය යුතුව තිබේ.
එබැවින් වහාම ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර සියලු පක්ෂ නියෝජනය වන පරිදිත් සෞඛ්‍ය, ආරක්ෂක, ආර්ථික හා සමාජ විද්‍යාඥයන්ගෙන් සමන්විත "ජාතික සභාවකින්" එක්සත් ජාතියක් ලෙස කොවිඩ් මරුවා පරාජය කිරීමට කටයුතු කරමු යැයි අපි රජයට බල කරමු.
මේ සදහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් කොන්දෙසි විරහිතව ලබාදීමට සාධාරණ සමාජයක් සදහා ජාතික ව්‍යාපාරය කැපවෙන බව අවධාරණය කරනු කැමැත්තෙමු" බවත් එමහතා නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.




