අගෝස්තු මස 12 වනදා සිට වසරක කාලයක් දක්වා ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ කිහිපයකට අදාළව පනවා තිබූ බදු කාලසීමාව අලුත්න කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව හාල්මැස්සන් සහ කරවල කිලෝග්‍රෑමයකට රු.100 ක්ද
කුරක්කන් පිටි කිලෝග්‍රෑම් 1කට රු.150ක්ද
උළුහාල් කිලෝග්‍රෑම් 1ක් සඳහා රු.50ක්ද
අබ ඇට කිලෝග්‍රෑම් 1ක් සඳහා රු.62ක්ද වශයෙන් මෙම බදු සඳහන් වී ඇත.
මීට අමතරව වෙඬරු සහ කිරි නිෂ්පාදිත තැවරුම් කිලෝග්‍රෑම් 1ක් සඳහා පනවන බද්ද රු.880ක් ද ශුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් හෝ ලුණු කිලෝග්‍රෑමයකට පනවා ඇති බද්ද රු.40ක්ද ලෙස දැක්වේ.
ඒ අනුව හාල්මැස්සන් සහ කරවල කිලෝග්‍රෑමයකට රු.100 ක්ද
කුරක්කන් පිටි කිලෝග්‍රෑම් 1කට රු.150ක්ද
උළුහාල් කිලෝග්‍රෑම් 1ක් සඳහා රු.50ක්ද
අබ ඇට කිලෝග්‍රෑම් 1ක් සඳහා රු.62ක්ද වශයෙන් මෙම බදු සඳහන් වී ඇත.
මීට අමතරව වෙඬරු සහ කිරි නිෂ්පාදිත තැවරුම් කිලෝග්‍රෑම් 1ක් සඳහා පනවන බද්ද රු.880ක් ද ශුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් හෝ ලුණු කිලෝග්‍රෑමයකට පනවා ඇති බද්ද රු.40ක්ද ලෙස දැක්වේ.
කෙසේ වෙතත් හාල්මැස්සන් හෝ කරවල මත ඊයේ(13) දිනයේ සිට නව බදු ගැසට් පත්‍රයකින් වැඩි
කර නොමැති බව විසිතුරු මත්ස්‍ය, අභ්‍යන්තර මත්ස්‍ය හා ඉස්සන් ගොවිපල, ධීවර
වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන
විජේසේකර මහතා පවසනවා.
මෙම බදු මීට මාස 6කට පෙර වැඩි කරන ලද බදු ප්‍රමාණයම තව දුරටත් අඛණ්ඩව ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට රටේ නීතිය අනුව ගැසට් පත්‍රයකින් දීර්ඝ කිරීමක් පමණක් බව හෙතෙම අවධාරණය කර සිටිනවා.
මාස 6කට පෙර ආනයනික මත්ස්‍ය තොග මත බද්ද රපියල් 25 සිට 200ක් ලෙසත්, ආනයනික කරවල සහ හාල්මැස්සන් රුපියල් 100ක් ලෙසත්, ආනයනික ටින් මාළු කිලෝ එක රුපියල් 100ක් (450g ටින් එකක් 42.50ක්) ලෙසත් සහ ආනයනික උම්බලකඩ රුපියල් 300ක් ලෙසත් බදු වැඩි කිරීමට පියවර ගෙන තිබුණි.
එම වැඩි කල බදු ප්‍රමාණයන් අඛණ්ඩව ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමටත් තීරණය කරන ලද්දේ දේශීය ධීවර කර්මාන්තකරුවන් සහ දේශීය නිෂ්පාදන ආරක්ෂා කරගිනිමින් කටයුතු කිරීමට ධීවර අමාත්‍යංශය විසින් මුදල් අමාත්‍යංශයෙන් සිදු කරන ලද ඉල්ලීමක් අනුව බව ද හෙතෙම අවධාරණය කළේය.




