පසුගිය සතියේ ජනගහණයට සාපේක්ෂව ලොව වේගවත්ම එන්නත්කරණය සිදු කර ඇති රට ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත.
මෙරට චීන තානාපති කාර්යාලය මඟින් එන්නත්කරණය හා කොවිඩ් සම්බන්ධ දත්ත විශ්ලේෂන ආයතනයක් වන OurWorldinData ආයතනයේ දත්ත ප්‍රධානියා නිකුත් කළ ට්විටර් පණිවුඩයක් උපුටා දක්වමින් ඒ බව දක්වා තිබිණි.
ශ්‍රී ලංකාව ගතවූ සතියේ දී ජනගහණයෙන් සියයට 13ක් එන්නත්කරණයට ලක් කර ඇති බව එහි සඳහන් වේ
එම ට්විටර් පණිවුඩය පහතින්,
Well done! #SriLanka
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) September 3, 2021
The fastest #vaccination speed in the world for the past week 🚀🇱🇰#VaccinationDriveSL #Sinopharm https://t.co/yfg5xeqoqs
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.